පුවතක්

නිමිත්ත:- පුවතක් *"මුහුණ විකෘති වී ගිය කාන්තා මළ සිරිරක් ලැගුම්හලකින් හමුවේ"* ඉස්සරත් මහ හුඟක් රෑ වුනා ඇය එන්න පෙළක් දවසුත් තිබුණා පාන්දරවත් නොයෙන ඒත් එන හැම විටම හූල්ලා ළගට ගෙන සමාවක් ඉල්ලනවා ඇහෙන නෑහෙන ලෙසට.... රතු පාට අත් බෑගේ අපේ අම්මගෙ තමයි ඔය තියන රතු කුඩෙත් තේරුවේ නංගිමයි අඩිය මහ උසට ඇති ‍රතු සපත්තුත් ඇගෙයි මූණ නම් බැලුවාට අඳුරන්න බෑ වගෙයි.. තනිව හැරදා පැලේ පියා ගිය දා පටන් වින්ද දුක් ගිනි අපමණයි දුටෙමි මගෙ නෙත්වලින්.... දනිමි මම අම්මේ.... එ නිසාමයි ඇන්දේ.... රතු පාට විතරමක්....😞 ගම්මු කීවත් කතා දුන්නෙ නෑ බත් කටක් හැමදාම ඇය එද්දී ගේනවා මසවුලක්... මහත්තයෝ ඇර බලමු බෑග් එක අපි ටිකක් මේ මගේ අම්ම නම් තිබෙනු ඇත මසවුලක් *අනූ බණ්ඩාර* ✍️

Comments

Post a Comment